මහජනතාවනි එකා වගේ එකට ඉන්න – හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදාගන්න – කලාකරුවන් පෙරට එන්න සූදානමින් !

මහජනතාවනි එකා වගේ එකට ඉන්න – හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදාගන්න – කලාකරුවන් පෙරට එන්න සූදානමින් !

සුනාමි මහ ව්‍යසනයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කලාකරුවන් ජනතාවගේ මානසිකත්වය නගා සිටුවමින් රට ගොඩනැගීමට චිත්ත ධෛර්යය සැපයූ නිර්මාණ රැසක් බිහි කළ ආකාරයෙන් මෙම දරුනු ව්‍යසනකාරී අවස්ථාවේදීද පෙරට ඒමට සිටින බව වාර්තා වේ.

සුනාමි ව්‍යසනය වෙරළ බඩ ප‍්‍රදේශවලට පමණක් සීමාවූ අතර පසුගිය දින දෙක තුන ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් සමස්ත දිවයිනම බරපතළ ව්‍යසනයකට පත්ව සිටී. මෙම තත්වයෙන් ගොඩ ඒම සියලු දෙනාගේම සාමූහික වගකීමක් බව ජනාධිපති අනුර දිසානායක ප‍්‍රමුඛ රජය අවධාරණය කර තිබිණි.

සුනාමි ව්‍යසනයෙන් යළි නැගටීම සඳහා ජනතාවට චිත්තත ධෛර්යය සැපයීමේ ගීතයක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කොට තිබිණි. “මහජනතාවනි, එකා වගේ එකට ඉන්න – හිතමු අලුත් ශ්‍රී ලංකාවක් හදා ගන්න” යනුවෙන් වූ මෙම ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත්කර තිබූ අතර විශාරද සුනිල් එදිරිසිංහ සහ දූදරුවන් පිරිසක් ගායනා කරනු ලැබීය. රවීන්ද්‍ර මුණසිංහ සකස් කළ රූප රචනයකින්ද සමන්විත වූ එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්