මහගම සේකර නැවත කියවීම

මහගම සේකර නැවත කියවීම

මහගම සේකර සමරුව යෙදී තිබෙන්නේ ජනවාරි 14 වැනිදාටය. එහෙත් සාම්ප‍්‍රදායික සැමරුමක් වෙනුවට ඔහුගේ කවි භාවිතාව අලුතින් කියවා ගැනීම අවශ්‍යම වී තිබේ. මෙයට ප‍්‍රවේශයක් වශයෙන් නැවත ඔහුගේ නිර්මාණ සියල්ල අප ඉදිරියේ දිගහැර ගත යුතුව තිබේ.

විශේෂයෙන්ම මෙරට කාව්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයට දේශපාලන දෘෂ්ටිමය පදනම සැපයූ පුරෝගාමී කවියා සේකර බව හඳුනාගත හැකිය. ‘මාතර ගෙඟ් ඉන්නා කිඹුලිගෙ පැටියා’ ආදී වශයෙන් දැඩි දේශපාලනික ජනකවි පවා තිබුනද, වෙසෙසින්ම දේශපාලන දෘෂ්ටිමය ආස්ථානයක් මත කවි නිර්මාණ බිහිකළ පුරෝගාමියා මහගම සේකර බව අවිවාදයෙන් පිළිගැනිය හැකිය.

1964 දී පළ කරන ලද ඔහුගේ ස්වතන්ත‍්‍ර ප‍්‍රථම කාව්‍යය සංග‍්‍රහය වූ ’මක්නිසා ද යත්’ තුළින් උපුටා ගන්නා මතු දැක්වෙන කවිය මේ බවට ප‍්‍රබල සාක්ෂියකි.

”ගම හීනෙන් දැක ගම ගැන අඬන්නේ

ගමට ගොහින් ගම හැබැහින් බල !

හීනෙන් තොප දක්නා

චමත්කාරයක් එහි නැත

ඇය සංකර ගැහැනියක් ය

ගමටත් නගරයටත් දෙකටම නැති

උදාසීන ලෙස නිදා සිටී ඇය”

මහගම සේකරයන්ගේ මෙම කවි මඟ ගත් රත්න ශ්‍රී විජේසිංහ ප‍්‍රමුඛ ප‍්‍රවීණයන්ද නව පරපුරේ කවීන්ද විශාල පිරිසක් සිටින බව හඳුනාගත හැකිය. සේකරයන් නැවත කියැවීමෙන් ඔහුගේ කවිකම් තුළින් කෙතරම් දුරට අනාගතය විනිවිද දැක තිබේදැයි සනාථ වේ. එසේම ඉන්පසුව සැලකිය යුතු කවීන් පිරිසක් දේශපාන දෘෂ්ටිමය පදනමක් මත සිට කවි හරඹ කරන ආකාරය කියවා ගැනීම අවශ්‍යම මොහොතක්ය මේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්