“අපිට වෙන රටකට යන්න පුළුයන්… ඒත් අපි ඉන්නේ රටට ආදරේ නිසා… ඒත් අපි අමේ අපේ දරුවන්ට කරන්නේ අසාධාරණයක් දැයි සිතෙනවා… ජාතිවාදයෙන්, පිළිකා කාරකවලින් දරුවන් විනාශ වෙනවා…” යැයි ගායනයෙන්, රංගනයෙන් රසික හදවත් අතර තරු ලකුණු රැඳවූ කථිකාචාර්යවරියක වන ඉන්දිකා උපමාලි සඳහන් කරයි.
මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇයගේ මේ බව පවසා ඇති අතර එ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස පහතින් පල වේ.
“කොළරා කාලේ ආලේ” නම් නවකතාවේ චරිත අළලා “ෆ්ලොරෙන්තිනෝ” නමින් ගීතයක් නිර්මාණය කළා. එහි රූප රචනය මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව රත්න ශ්රී විජේසිංහයන්ගේ ගී පද රචනයෙන් හා සංගීතවේදී සමන් පෙරේරාගේ තනු නිර්මාණයෙන් “උකුල්තල මගේ තොටිල්ල වේ පුතුණේ” නමින් ගීතයක් නිර්මාණය කළා. රත්න ශ්රී විජේසිංහයන්ගේ පද රචනාවෙන් තවත් ගීතයක් නිර්මාණය කොට තිබෙනවා “පුතුණි මේ නැළවිල්ල නුඹටයි” නමින්. ඇත්ත වශයෙන් ම මෙම ගීත දෙක ම කාලීන ගීත. ජාතිවාදී ගැටලු, එමෙන් ම පිළිකාකාරක ආහාර වැනි ගැටලු නිසාවෙන් අපේ දරුවන්ගේ අනාගතය ගැන ඇත්තට ම තිබෙන්නේ ප්රශ්නාර්ථයක්. අපිට වෙනත් රටකට යන්න අවස්ථාව තිබුණත් අපි නොගින් ලංකාවෙ ම ඉන්නෙ මේ රට එක්ක යම් බැඳීමක් තිබෙන නිසාවෙන්. නමුත් එය අපේ දරුවන්ට සිදුකරන අසාධාරණයක් දැයි සිතෙනවා.”










