මර්වින් පිළිබදව ක්‍රියාමාර්ග ගතයුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි – ඇමති ලක්‍ෂමන්

ඇමැති මර්වින් සිල්වා මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව විනය ක්‍රියාමාර්ගයක්‌ ගත යුත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය විසින් බව ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසා තිබේ.

මාධ්‍යවේදියකුට පහර දී රටින් පැන්නුවේ තමා බවට මර්වින් සිල්වා ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශය පිළිබඳව ඊයේ (29) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීයා ඇත.

මර්වින් සිල්වා ඇමැතිගේ ක්‍රියාකලාපය ගැන කැබිනට්‌ එකේදීත් ඉන් පිටතදීත් කතා කර ඇතැයිද පක්‍ෂය ඔහු පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්