මම පර්මිට් විකුණලා සල්ලි හෙව්වා – මහින්දානන්ද

මම පර්මිට් විකුණලා සල්ලි හෙව්වා – මහින්දානන්ද

ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ වියදමින් බිරිඳගේ නමින් පමණක් මිලදී ගත් එම දේපලවල හෙලිකළ වටිනාකම රුපියල් කෝටි 09කට ආසන්න මුදලක් බව පසුගියදා ලංකාටෘත් හෙලිදරව් කළේය. මේ වනවිටත් ඇමතිවරයාගේ වත්කම් පිළිබඳ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොණු කර ඇත.

මේ පිළිබඳ සතිඅන්ත පුවත්පතක් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 600ක් උපයා‍‍ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන බලපත්‍ර විකිණීමෙන් බවයි. “මට වාහන බලපත්‍ර 6ක් ලැබිලා තිබෙනවා. මම ඒවා ලක්ෂ 600කට විකුණලා තිබෙනවා. මිලියන 60ක්. මට ව්‍යාපාර වලින් ලක්ෂ 200ක විතර වර්ෂයකට ආදායම තිබනවා. මගේ වත්කම්වල වටිනාකම ‍ලක්ෂ 800යි” ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

මේ වනවිට හෙළිවී ඇත්තේ ඇමතිවරයාගේ වත්කම්වලින් බිරිඳගේ නමින් ඇති වත්කම් පමණකි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාහන බලපත්‍ර විකිණීම නීති විරෝධී වන අතර වාහන ගෙන්වීමේදී රජයට අයවිය යුතු මුදල් මෙසේ බලපත්‍රය භාවිතා කොට වංචා කොට ඇති බව නීතිවේදීහු පවසති. 2013 අය වැයෙන් බලපත්‍ර අන්සතු කිරීමේ තීන්දුවක් ගත් අතර එහෙත් මහින්දානන්ද ඇමතිවරයා ඉන් පෙර ඔහුට හිමිවූ බලපත්‍රද විකුණා ඇති බව මෙම ප්‍රකාශයෙන් හෙලිදරව් වේ.

ආශ්‍රිත පුවත්

මෑන් ඔෆ් ද සීරීස්

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්