මන්ත්‍රීඋණ වැලඳුණ චතුරට නඩු

පොලිස්‌ නිලධාරියකුට බැණ තර්ජනය කර සාපරාධී ලෙස බියගැන්වීම සම්බන්ධයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලිසිය ඊයේ (24) මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා දෙකක්‌ යටතේ මෙම නඩු පැවරීම සිදුකර ඇත. 

පසුගිය වසරේ සැප්තැම්බර් 14 වැනි දා රාගම පොලිස්‌ ස්‌ථානයට ඇතුළු වී සේවයේ නිරතව සිටි උප පොලිස්‌ පරීක්‍ෂක බණ්‌ඩාර මහතාට බැණ තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහි චෝදනා ගොනුකර ඇති අතර සිද්ධියට අදාළව ඔහු මේ වනවිට ඇප මත මුදාහැර ඇත.

චතුර සේනාරත්න මන්ත්‍රීයරටා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්