ශ්රී ලංකාවට ආසන්න දකුණු මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්රව්ය තොගයක් ප්රවාහනය කරන බවට සැක සහිත බහුදින ධීවර යාත්රාවක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්ය ප්රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කරන්නේ අදාළ යත්රාව ගොඩ බිමට රැගෙන එමින් පවතින බවය.
අදාල ධීවර යාත්රාවේ මත්ද්රව්ය තොගයක් තිබෙන බවට සැක කරන බවත් ඉන් පසු එම යාත්රාවේ ඇති මත්ද්රව්ය පිළිබඳ අනාවරණට කරන බවත් නාවික හමුදා මාධ්ය ප්රකාශක සඳහන් කරයි.










