මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කළු කුහරයට ඇතුල් වූ ජනාධිපතිතුමනි ඔබට ස්තුතියි… – චන්දන සූරිය බණ්ඩාර

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කළු කුහරයට ඇතුල් වූ ජනාධිපතිතුමනි ඔබට ස්තුතියි… – චන්දන සූරිය බණ්ඩාර

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කළු කුහරයට ඇතුල් වීම සම්බන්ධයෙන් ජනාධිපතිට ස්තුතිවන්ත වන බවත් මෙම ව්‍යසනය තවදුරටත් අසල්වැසියාගේ ප‍්‍රශ්නයක් නොව ඔබෙත් මගේත් දොරට තට්ටු කරන බවත්, රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සාමාජික, ජනාධිපති මාධ්‍ය උපදේශක, ප‍්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ `රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවැති උත්ස සභාව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සාමාජික, ජනාධිපති මාධ්‍ය උපදේශක, ප‍්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර,

“අද අප මේ රැස්ව සිටින්නේ අතිශය වැදගත් කාර්යයකට බව අපි හැම දෙනාම ඉඳුරාම දන්නවා. මේ රටේ අනාගතය පිළිබඳව අලුත් සංවාදයකට අපි එළඹී සිටිනවා. අද මම ඔබ අමතන මේ මොහොතේත් මේ රටේ කොතැනක හෝ දරුවෙක් මත්ද්‍රව්‍යයට ගොදුරු වුණා වෙන්න පුළුවන්. අද මෙතන රැඳී සිටින ඔබ කුමන තරාතිරමක සිටියත්, මොන නිල ඇඳුමක් ඇඳ සිටියත් ඔබේ දරුවා හෝ මුනුබුරා පාසලට, බාහිර පංතියකට නැත්නම් ක්‍රීඩාවකට යනවා. ඒ අතර අපේ ඇස් පනාපිට පේනවා විශාල මත්ද්‍රව්‍ය කඳු ගොඩගැසී තිබෙනවා. කොපමණ තිබෙනවාද කියලා තක්සේරු කරන්න බැරිතරම් තොගයක් මේ සමාජය ඇතුලේ සංසරණය වෙනවා. මේ මත්ද්‍රව්‍යවලින් ඉලක්ක කරන්නේ කාවද?

අම්මේ, තාත්තේ මේ මත්ද්‍රව්‍යවලට ගොදුරු වන්නේ කාවද? ඔබව බිය වද්දන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඒත් අපට මගහැර යා නොහැකි යථාර්ථයක් තිබෙනවා. ඔබේ දරුවාව අතහැර යන්නට මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු හේතුවක් නැහැ. ඔබ හෝ ඔබේ දරුවාගේ තරාතිරම මේ ජාවාරම්කරුවන්ට අදාළ වෙන්නේ නැහැ. මේ ජාවාරමේ ඉලක්කය බවට ඔබේ දරුවා පත්වී සිටිනවා.

එහෙනම්, මේ වනවිට ඔබේ ගෙදරටත්, මගේ ගෙදරටත් මත්ද්‍රව්‍ය ව්‍යසනය තට්ටු කරමින් සිටිනවා. හෙමින් වෙන්න පුළුවන්, රහසින් වෙන්න පුළුවන්. තට්ටු කරමින් ඉන්නවා. එනිසා මෙය තවදුරටත් අසල්වැසියාගේ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ ප‍්‍රශ්නය විසඳිය යුත්තේ පොලිසිය හෝ වෙන කිසිවෙකු හෝ බවට බාරදී සිටිය නොහැකියි.

ජනාධිපතිතුමනි, ඔබ මේ මහා කළු කුහරයට ඇතුල් වෙන්න තීරණය කිරීම සම්බන්ධයෙන් අපි හැමදේම හදපිරි කෘතඥතාවය පළ කරනවා. ඔබටත් මේ දොර වසාදමා නිහඬව සිටින්නට තිබුණා. නමුත් මගේ දරුවා වෙනුවෙන් ඒ දොර හැරගෙන මුළු රටම එකතු කරගෙන මේ මහා මෙහෙයුමට එකතු වෙමු. අවංකවම හද පතුලෙන් එකතු වී සතුට කියන මායාව තැවරූ ව්‍යසනය තුරන් කරන්න අපට හැකි හැම ශක්තියක්ම වැය කරමු.

ජයවේවා !!!”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්