ස්විට්සර්ලන්තයේ පැවැති 42වන රෙසිස්ප්රින්ට් ජාත්යන්තර මලල ක්රීඩා තරඟාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා විරුදාවලිය ලැබූ යුපුන් අබේකෝන් සිය තරඟය අවසන් කර සුළු මොහොතකින්, ශ්රී ලංකාවේ බලධාරීන්ට අභියෝගයක් කරමින් සිය ෆෙස්බුක් පිටුව වෙත වීඩියෝ පටයක් සහ සටහනක් එක් කර තිබේ.
තමන් මෙම තරඟයට සහභාගීවීම සඳහා ලංකා බලධාරීන්ගෙන් වරින් වර උදව් උපකාර ඉල්ලා සිටියද තමන්ට ඒ සඳහා කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ බවත් හැකිනම් මාධ්ය ඉදිරියේ තමන්ට කළ උපකාර පිළිබඳව කියන්නැයිද ඔහු බලධාරීන්ට අභියෝග කර සිටී.
ඔහුගේ එම ෆේස්බුක් සටහන පහතින් පල වේ,
“The wait is over !!!!!! 9.96 sec 🔥🔥🔥❤️❤️❤️
මං ඒක කලා. මං අවුරුදු ගානක් මහන්සි උනා , ඒ මහන්සියේ කැප කිරීමේ ප්රතිපලය මට හම්බුනා.
ඔව්… මං තමයි Sub 10 ක්ලබ් එකේ අලුත් Member !
බිලියන ගානක් ඉන්න දකුණු ආසියාවේ පලවෙනි Sub 10 එක.
ආසියානු ඉතිහාසයේ 10 වෙනි sub 10 එකේ අයිතිකාරයා මම.
මං එක්ක උන්න අයට මං මේක ට්රිබියුට් කරනවා. මාව විස්වාස කරපු අයට මං pay back කලා කියලා මං හිතනවා. ආදරෙයි ගොඩක්.
ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊ මේල් එකක් නම් හොයාගන්නවත් නෑ. 😂
ඒ හින්දා දැන් මීඩියා වලට කතා කරද්දී මට කරපු උදව් මොනවද කියලා මතක් කරලා කියන්න. මිනිස්සු බලන් ඉන්නවා දැනගන්න. 😉
ආයෙත් කියනවා මං ඒක කරා. ආදරෙයි මං එක්ක උන්න හැමෝටම. මේක කරේ මං මටත් වඩා මාව විස්වාස කරපු ඔයලාට.
❤️❤️🙏🏽🙏🏽
Thank you my team ! We did it ❤️”










