භික්ෂූන් පස් නමකට, කාන්තාවන් දෙදෙනෙකුට ඇප

පසුගිය ජනවාරි 26 වැනිදා හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් හිමිවරුන් පස් නමකට හා කාන්තාවන් දෙදෙනකුට ඇප ලබාදීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කර තිබේ.

ඒ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් කළ අවස්ථාවේ ඇති කළ කලහකාරී තත්වය සම්බන්ධයෙන් අතඅඩංගුවට ගෙන සිටි පිරිස සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

නඩුවට අදාළ කිසිදු ප්‍රකාශයක් මාධ්‍යවලට ලබානොදිය යුතු බවට හා සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතු බවට වූ කොන්දේසිද පනවා තිබේ. 

වැඩිදුර විභාගයට මාර්තු 29 වැනිදා නඩුව නැවත කැඳ වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්