භාරත නඩුවත් ජාත්‍යන්තරයට යන ලකුණු

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නුඩුව ජාත්‍යන්තර අධිකරණයකට ගෙනයාමට සිදුවන්නේයැයි ජනාධිපති නිතීඥ ටිරන්ත වළලියෑද්ද මහතා ඊයේ (22) අධිකරණයේදී පවසා ඇත.

මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ දුමින්ද සිල්වා පාර්ශ්වය සහ භාරත පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීථයන් අතර අධිකරණයේදී ඇතිබූ අණුසුම් කතා බහේදීය.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය දෙවියන්ට කන්නලවු කරමින්, පොල් ගසමින් අධිකරණයට අපහාස කළේයැයි කියමින් දුමින්ද සිල්වා පාර්ශ්වයෙන් නැගුණු චෝදනාවේදී මේ තත්වය උදා විය.

ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියෑද්ද – විනිශ්චයකාරතුමනි, දෙවියන්ට කන්නලව් කරන්න, පොල් ගහන්න අධිකරණ නියෝගයක්‌ අවශ්‍ය යෑයි කීවොත් මොකද කරන්නේ? මම දැකල තියනව අධිකරණයට පැමිණිලිකාරයො, විත්තිකාරයෝ, සැකකාරයො බුදුන් වැඳල, දෙවියන්ට කන්නලව් කරල පොල් ගහනවා. කවුරුත් ඉල්ලන්නෙ සහනයක්‌, සාධාරණයක්‌. මෙතැන වෙලා තියෙන්නෙත් ඒකට සමාන දෙයක්‌. මේගොල්ලන් (විත්තිය) හදන්නෙ මේ ළමය බය කරල නඩුව අයින් කරන්න. මෙයාට විරුද්ධව අධිකරණයට අපහාස කළා කියලා පැමිණිල්ලක්‌ කළොත් මේ නඩුව ජාත්‍යන්තරයට යොමු කරනවා.

හේමන්ත වර්ණකුලසූරිය – ජාත්‍යන්තරයට කියන්න තමුන්නාන්සේට බැහැ.

ටිරන්ත වළලියෑද්ද – දෙවැනි කාරණය තමයි ස්‌වාමීනි· සී.අයි.ඩීය සැකකාර දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ පිළිබඳවත් අපි ජාත්‍යන්තරයට යනවා.

අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා – සැකකාර දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? මේ අධිකරණ නියෝගය පනවලා මාස දෙකකට අධික කාලයක්‌ ගතවුණා.

සහකාර පොලිස්‌ අධිකාරි – ශානි අබේසේකර – ස්‌වාමීනි නීතිපති දෙපාර්තමේන්තුව සමග පසුගිය නඩුවාරයෙන් පසුව දෙවතාවක්‌ සාකච්ඡා කළා. නමුත් සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාළ උපදෙස්‌ මෙතෙක්‌ ලැබී නැහැ. උපදෙස්‌ ලැබුණු වහාම සැකකරු අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම්.

අතිරේක මහෙස්‌ත්‍රාත් – සියලුම දේවලට මුල තමයි සී.අයි.ඩී.ය කිසිම උත්තරයක්‌ දෙන්නෙ නැති එක.

ටිරන්ත වළලියෑද්ද මහතා – උතුමාණෙනි· අපි ඔබතුමාගේ ගෞරවය ආරක්‍ෂා කරනවා. මේ නඩුව මොනවා වුණත් මම කියන්නේ සී.අයි.ඩීය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැත්නම් අපට ජාත්‍යන්තර අධිකරණයට යැමට සිදුවෙනවා. මා ඔබතුමාට දැනුම් දීමක්‌ පමණයි කරන්නේ. සී.අයි.ඩී.ය සිංගප්පූරුවට ගිහිල්ල සැකකරු හම්බවෙලාවත් තියනවාද?

අතිරේක මහෙස්‌ත්‍රාත් – අධිකරණයට කරන්න තියෙන්නෙ අවශ්‍ය නියෝග ලබාදීම පමණයි. අධිකරණ නියෝගවලට සහාය නොලැබෙනව නම් අධිකරණයට වෙනත් කරන්න දෙයක්‌ නැහැ.

ටිරන්ත වළලියෑද්ද – ලඡ්ජා නැද්ද මන්ද මේ ළමය අපහසුවට පත්කරන්න හදන්නෙ.

වැඩිදුර විභාගය ජුනි මස 05 වැනි දිනට කල් තබන ලද අතර සැකකරුවන් 16 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්