භාණ්ඩාගාරය ගැන හෙළි නොකළ අලුත්ම තොරතුරු

භාණ්ඩාගාරය ගැන හෙළි නොකළ අලුත්ම තොරතුරු

රටක් වශයෙන් පසුගිය වසර (2025) තුළ දී ශ්‍රී ලංකාව විදේශ සංචිත, විදේශ වත්කම් සහ ශුද්ධ ජාත්‍යන්තර සංචිත වර්ධනය කර ගැනීම වේගවත් කර ගත් ආකාරය නිල දත්තවලින් හෙළි වී තිබේ.

මෙරට ආර්ථිකය බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පෙර, එනම් 2021 වසරේ දී දළ නිල සංචිත ඩොලර් මිලියන 3,139ක් ද, මුළු විදේශ වත්කම් ඩොලර් මිලියන 6,122ක් සහ ශුද්ධ ජාත්‍යන්තර සංචිත ඩොලර් මිලියන ඍණ 423ක් වී තිබිණි. 2025 වසර අවසන් වනවිට දළ නිල සංචිත ඩොලර් මිලියන 6,838ක් සහ මුළු විදේශ වත්කම් ඩොලර් මිලියන 12,306ක් දක්වා, 2021 වර්ෂයේ පැවති ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉක්මවා ගොස් තිබේ.

එමෙන් ම, ශුද්ධ ජාත්‍යන්තර සංචිත ඩොලර් මිලියන ඍණ 423 සිට 2025 වසර අවසන් වනවිට ඩොලර් මිලියන ධන 4,285ක් දක්වා විශාල වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. 2025 වසර තුළ දී සමස්ත ශේෂය යම් පසුබෑමකට ලක් වී තිබූ අතර වාහන ආනයනය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම සහ විදේශ ණය සහ පොලිය ගෙවීම සඳහා ඩොලර් මිලියන 5,100ක් වැය කිරීම නිසා එම සුළු පසුබෑම සිදු වී ඇති බව හෙළි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්