2013 වසරේ බොස්ටන් නුවර පැවැති මැරතන් ධාවන තරගයට බෝම්බ ප්රහාරයක් එල්ල කර පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමට හා පුද්ගලයින් 264කට තුවාල සිදුකිරීමට අනුබල දීම හා සහාය දීමේ චෝදනාවට වැරදිකරු වූ සෝකාර් සානයෙව් (21) හට ඇමෙරිකානු අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති අතර ඖෂධ අධි මාත්රාවක් එන්නත් කිරීමෙන් එම මරණ දඬුවම ක්රියාත්මක කරන ලෙසද අධිකරණය දන්වා තිබේ.
චෙක් ජාතිකයකු වන බෝම්බකරු අල්ඛයිඩා සටන්කාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඉස්ලාමීය භක්තිකයින් බහුතරයක් සිටින රටවල අමෙරිකානු හමුද කඳවුරු පිහිටුවීමට විරෝධය පළ කරමින් ඔහු එම ප්රහාරය එල්ල කර ඇති බව අමෙරිකානු ආරක්ෂ අංශ පවසයි. මරණ දඬුවම නියම වූ සෝකාර් හට ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවද පවතී.









