බොරතෙල් මිල තවත් ඉහළට

බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවද ඉක්මවා ගොස් තිබේ.

පසුගිය 2014 වසරට පසු වාර්තා වූ වැඩිම මිල එය බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

මෙලෙස තෙල් මිල ඉහළ යාමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ යුද්ධය ප්‍රකාශයට පත් කිරීම එක් හේතුවක් වන්නට ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්