මත්ද්රව්ය ජාවාරම් කිරීම පිටුපස සිටි අඟුණකොළපැලැස්සේ අමිතානන්ද භික්ෂුව ඇතුළු මේ වනවිට අත්තඩංගුවට ගෙන සිටින චීවරධාරීන් 22 ඊයේ (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී කරුණු රැසක් හෙළි කර තිබිණි.
මැයි 07 වෙනිදා දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ රඳවා ගෙන මෙම පිරිසෙන් ප්රශ්න කරනු ලැබේ. මේ අතර, අඟුණකොළපැලැස්සේ අමිතානන්ද භික්ෂුව මත්ද්රව්යවලට ඇබ්බැහි වූවෙක් බව මූත්රා සහ ලේ පරීක්ෂාවේ දී ඔප්පු වී තිබේ. අනෙක් චූදිතයන් 22 ද මත්ද්රව්ය භාවිතා කර සිටි බව හෙළි වී තිබේ. ඔවුන් සන්තකයේ තිබූ දුරකතන ද අත්තඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ පවත්වන අතර, අමිතානන්ද භික්ෂුව විසින් වට්ස්ඇප් ජාලයක් පවත්වා ගෙන යමින් මෙම ජාවාරම් සිදු කර ගෙන ගොස් තිබේ.
අමිතානන්ද භික්ෂුව පිටුපස සිටිමින් මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් හඳුනා ගැනීමේ මෙහෙයුම් ආරක්ෂක අංශ විසින් දියත් කර ඇත.










