බීබීසී බොරුවක් අතේ පත්තු වෙයි

 

සිරියාවේ හොව්ලා නුවර සිදුවූයේ යැයි කියන සමූල ඝාතන පිළිබඳව බීබීසී විසින් පළ කරන ලද පුවතට අදාල ඡායාරූපය ව්‍යාජ එකක් බව හෙළිදරව් වී තිබේ.

වළ දැමීම සඳහා සූදානම් කොට ඇති ළමා මළ සිරුරු සිය ගණනක් දැක්වෙන එම ඡායාරූපය සදාම් පාලනයෙන් පසු 2003 වසරේදී ඉරාකයේදී ගන්නා ලද්දකි. බැග්ඩෑඩ් කාන්තාරයකින් ගොඩගෙන බෑග්වල බහාලූ මෘත ශරීර පොලිම් මතින් ඉරාක දරුවෙක් පැන යන ආකාරය එහි දැක්වේ. මාකෝ ඩි ලවුරෝ ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද එය ඔහුගේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබූ අතර බීබීසිය එය පසුගියදා සිරියාවේ සමූල ඝාතනයකින් පසු ගන්නා ලද්දක් ලෙසට සටහනක් යොදමින් ප්‍රදර්ශනය කර ඇත.

කෙසේ වුවද බීබීසී ඇතුළු බටහිර ජනමාධ්‍යයන්හි සිරියානුවිරෝධී ප්‍රචාර හේතුවෙන් මේ වනවිටත් ලන්ඩනයෙන් සිරියානු රාජ්‍යතාන්ත්‍රිකයන්ට පිටවෙන ලෙසට නියෝග කරනු ලැබ ඇති අතර ජපානයද සිරියානු තානාපතිවරයාට රටින් පිටවන ලෙසට නියම කර ඇතැයි වාර්තා වේ.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්