චීනයේ, බීජිං කැපිටල් ගුවන් සේවය 2026 ජනවාරි සිට බීජිං-කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2026 ජනවාරි 31 සිට, බීජිං කැපිටල් ගුවන් සේවය සතිපතා එයාර්බස් A330-300 ගුවන්යානයක් යොදා ගනිමින් මෙම ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට නියමිතය.
2026 පෙබරවාරි 10 සිට 28 දක්වා මෙම ගුවන් වාර සතියකට දෙවරක් දක්වා වැඩි කිරීමටද නියමිත බව වාර්තා වේ.










