ඊශ්රාලයට හමාස් සංවිධානයෙන් ප්රහාර එල්ල කිරීමෙන් පසුව එරට තුළ රැකියා කළ විදේශිකයන් ඉවත්ව යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ශ්රී ලාංකිකයන් 30,000ක් යැවීමට ආණ්ඩුව සූදානම් වන බව හෙළිකර තිබේ.
විදේශ රැකියා ඇමති මනූෂ නානයක්කාර මේ බව හෙළිකර ඇති අතර රුසියානු යුක්රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්රාමික සොල්දාදුවන් යැවීම පිළිබඳව රට තුළ දැඩි ආන්දෝලනයක් තිබෙන පසුබිමක ඊශ්රායලයේ සිවිල් රැකියා සඳහා මෙතරම් විශාල පිරිසක් යැවීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටී.
මේ අතර 2022 වසරට වඩා 2023 වසරේදී විදේශ රැකියා සඳහා පිටත්වූ ශ්රී ලාංකිකයන් සංඛ්යාව සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මෙවැනි පසුබිමක ඍජුවම හමාස් සංවිධානය සහ ඉරානය සමඟ ද යුද්ධයක පැටලී සිටින ඊශ්රායලය වෙත මෙතරම් පිරිසක් රැකියා සඳහා පිටත් කර යැවීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.









