ජනතාවගේ සෞඛ්ය තත්වය නැංවීමට ශ්රී ලංකා ජාතික රෝහලේ ජාතික හදවත් මධ්යස්ථානය ඉදිකිරීම ඇතුළු යෝජනා 09ක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව හෘද රෝග සඳහා පවතින තදබදය අවම කිරීමේ අරමුණින් හෘද රෝග සඳහා අවශ්ය සියලු නවීන සම්පත් ඇතුළු මහල් 16කින් සමන්විත අදියර දෙකක් යටතේ මෙම ජාතික හදවත් රෝහල ස්ථාපිත කරන බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේ දී පැවසීය.
ඒ අනුව මේ සඳහා ඉදිරි වසර තුනේද මිලියන දොළොස්දාස් අසූවක් වියදම් කිරීමට අපේක්ෂා සහිතව ලබන වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට රුපියල් මිලියන 200ක් අයවැය යෝජනාවක් ලෙස වෙන් කර තිබේ.
රටේ සිදු වන මරණවලන් 83%ක් බෝ නොවන රෝගවලින්ද 40%ක් පමණ හෘදය වස්තුව ආශ්රිත රෝගවලින්ද සිදුවන බව කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස එම කැබිනට් මාධ්ය හමුවේදී පැවසීය.
වසර තුනක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත් ඒ සඳහා රුපියල් මිලියන 12,000ක් වැය කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.










