බිරිඳගේ ප්‍රකාශයෙන් ප්‍රසන්න හිරවෙයි?

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (02) පෙරවරුවේ කැඳවා තිබූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග මහත්මියගෙන් එම කොට්ඨාසය පැය 07කට වැඩි කාලයක් ප්‍රශ්න කිරීමකට ලක් කර තිබේ.

අද පෙරවරු 9.45 ට පමණ ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණු අතර ඇය නිදහස් කර තිබුණේ සවස 5.00ට පමණය.

ප්‍රසන්න රණතුංග තම මහ ඇමති ධූරය අයුතු ලෙස යොදාගනිමින් වටිනාකමින් ඉහළ පළාත් සභාවට අයත් ඉඩම් ගැණුම්කරුවන්ට විකුණමින් එම මුදල් තම බිරිඳ ඇතුළු පවුලේ අනෙකුත් අයගේ බැංකු ගිණුම්වලට බැර කරගෙන ඇති බවට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇතැයි පැවසේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 1,000ක් ඉක්මවූ බස්නාහිර පළාත් සභාවට අයත් ඉඩමක් රුපියල් ලක්ෂ 700ක මුදලකට විකුණා එම මුදල් ප්‍රසන්න රණතුංගගේ අනුදැනුම මත ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු කරගත් තොරතුරු අනුව මෙසේ මොරීනා රණතුංග පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්