බියගම, පුත්තලමේ අහඹු පරීක්ෂණවලින් 94කට කොරෝනා…

බියගම, පුත්තලමේ අහඹු පරීක්ෂණවලින් 94කට කොරෝනා…

බියගම සහ පුත්තලම නගරයේ සිදු කර ඇති අහඹු PCR පරීක්ෂණවලින් මේ වනවිට කොවිඩ් – 19 ආසාදිත පදුගලයින් 94 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාශයේ දැනට හුදකලා කර ඇති සියඹලාපේවත්ත සහ යටිහේන ප්‍රදේශවල සිදු කළ අහඹු PCR පරීක්ෂණවලට අනුව පුද්ගලයින් 73 දෙදෙනකු කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස අද (25) තහවුරු වු බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා පවසයි.

එහි පුද්ගලයින් 524 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 73 දෙදෙනකු මෙලෙස තහවුරු කරගෙන ඇත.

එමෙනම් පුත්තලම නගරයේ 617 ඒ ග්‍රාමසේවා වසමේ ජෙ.පි මාවතේ අහඹු ලෙස පුද්ගලයින් 92නෙකුගේ සිදු කළ PCR පරීක්ෂණවලදී 21දෙනකුට වෛරසය ආසාදිත ව අතැයි තහවුරු වී ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්