මේ වසර අවසානයත් සමග නිල කාලය අවසන් වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඉදිරියේදී කොරියානු ජනාධිපතිවරණයට තරග වැදීමේ සූදානමක් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
එ.ජා. මහ ලේකම් ධූරයෙන් සමුගැනීම කතාව අතර තුරදී ඒ පිළිබඳව ඉඟියක් ඔහු පළකර ඇති බව පැවසේ. එහිදී ඔහු ප්රකාශ කර ඇත්තේ කෙටි විවේක කාලයකින් අනතුරුව යළි දකුණු කොරියාව වෙත යන බවත් එහිදී සිය රට වෙනුවෙන් සේවය කළ හැකි හොඳම ආකාරය පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.
මේ වන විට දකුණු කොරියානු දේශපාලනය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. දූෂණ චෝදනා එල්ල වූ ජනාධිපතිනි, පාර්ක් ගුවෙන් හායි ට එරෙහිව පසුගිය සති කිහිපයක සිට ප්රබල විරෝධතා සෝල් අගනුවර ඇතුළු දකුණු කොරියාව පුරා පැවැති අතර පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ දෝෂභියෝගයෙන් ඇය පරාජයට පත් විය.
මේ අනුව 2017 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එ.ජා. මහ ලේකම් ලෙස කටයුතු කළ බෑන් කී මූන් මහතා ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරයි.









