බැසිල් හදිසියේම වෙනස් වෙයි

ආර්ථික සංවර්ධන ආමාත්‍යංශයේ සිදු කරනු ලැබූ මූල්‍ය වංචා හේතුවෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇතත් දැනට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ සිටින හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත් නොවී මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් වෙනම පෙරමුණකින් තරඟ කළ යුතු බවට සිය හිතවතුන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

පුෂ්පා රජපක්ෂ යටතේ ස්ථාපිත රාජ්‍ය නොවන සංවිධානයකට කොළඹ වරාය ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින චීන සමාගමකින් රුපියල් මිලියන 600ක මුදලක් ලබා ගෙන ඇති බව තහවුරු වී තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පරීක්ෂණ ආරම්භ කිරීම බැසිල් රාජපක්ෂ මහතාගේ හදිසි වෙනසට හේතු වී ඇති බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.

මේ අතර සිරිලිය සවිය පදනමේ අරමුදල් පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති බිරිය වන ශිරන්ති රාජපක්ෂ ලබන ජුනි 01 වැනි දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙනුත් බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්