සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා පස්ගියදා ජනමාධ්ය හමුවකදී ට්රිලියන 06ක මූළ්ය අපරාධ සිදු වී නැති බවට නිර්වචන සැපයූවද ඔහු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙකු ලෙස රනිල් වික්රමසිංහ අගමැති යටතේ ක්රියා කළ සමයේ රටේ මූල්ය අපරාධ සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළි කර තිබේ.
එහි විශේෂත්වය වන්නේ බැසිල් රාජපක්ෂ මූලික වී ගම්පහ දිස්ත්රික්කයේ නානලිං සංවර්ධන ව්යාපෘතියක් දියත් කර එක් ලිඳක් සඳහා ලක්ෂ 05ක් වැය කළද සත්ය වශයෙන්ම ඒ වෙනුවෙන් රුපියල් 50,000ක උපරිම මුදලක් වැයවන්නේ යැයි හෙළි කර තිබීමයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ට විමධ්යගත අයවැය යටතේ රුපියල් ලක්ෂ 50ක් වෙන් කරන අතර රාජ්ය පක්ෂ ආණ්ඩුවේ සිටි මන්ත්රීවරුන්ට මිලියන 500ක පමණ මුදලක් දක්වා ප්රතිපාදන වෙන් කළ ආකාරයද පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබේ.
මන්ත්රී හර්ෂ ද සිල්වා රනිල් මෛත්රී හවුල් ආණ්ඩුව ආරම්භක සමයේ එනම් 2015 මාර්තු 06 වෙනි දින එවැනි තොරතුරු හෙළි කරමින් දක්වා තිබූ අදහස් එදින හැන්සාඩ් වාර්තාවෙන් උපුටාගෙන පහත දැක්වේ. කෙසේ නමුත් මේ වනවිට සමගි ජන බලවේගයේ මන්ත්රීවරයෙක් හැටියට ක්රියා කරන ඔහු මෙරට මූල්ය අපරාධ නැවැත්විය නොහැකි බවට ප්රකාෂ කිරීමට තරම් දෙබිඩි පිළිවෙතකට ගොස් ඇත.










