බැසිල්ට, තිරු නිඩේසන්ට එරෙහි දොම්පේ ඉඩම් නඩුව යළි කල් යයි

බැසිල්ට, තිරු නිඩේසන්ට එරෙහි දොම්පේ ඉඩම් නඩුව යළි කල් යයි

දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩු විභාගය ලබන ජූලි මස 06 වැනිදාට කල් තැබීමට ගම්පහ අංක 02 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා පසුගිය 22 වැනිදානියෝග කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ උපාලි ජයකොඩි යන සාක්ෂිකරු මෙම නඩුවට අදාළව පූගොඩ සහ මාතර මහෙස්ත්‍රාත්වරුන් හමුවේ පාපෝච්චාරණයක් කර ඇති බවත් එම පාපෝච්චාරණයේ පිටපත් තවමත් ඔවුනට ලැබී නැති බවත්ය. නඩු විභාගයේදී තවත් ලේඛන රැසක් අවශ්‍යව ඇති බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

පැමිණිල්ල මෙහෙය වන රජයේ නියෝජ්‍ය සොලිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ විත්තියට අවශ්‍ය යැයි කියා ලබාදුන් ලේඛනයට අදාළව සියලු ලේඛන විත්තියට ලබාදී ඇති බවත් තවත් ලේඛන අවශ්‍ය නම් ලේඛන ලයිස්තුවක් ලබාදෙන ලෙසත්ය.

ඒ අනුව අදාළ ලේඛන ලැයිස්තුව ලබා දෙන ලෙසත් ඊට අදාළ ලෙඛන ලබා දෙන ලෙසත් මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා දෙපාර්ෂවයටම නියෝග කර මින් නඩු විභාගය ජූලි මස 06 වැනිදාට කල් තබා ඇත.

අධිකරණය හමුවේ පෙනි සිටි විත්තිකරුවන් දෙදෙනාට සහ සාක්ෂිකරුවන් දෙදෙනාටද ලබන ජූලි 06 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද වැඩිදුරටත් නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්