මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසන් වාර්ථාවේ පරේලිමේන්තුව වෙත ඉදිරිපත් නොකරන ලද කොටස් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඉදිරිපත්කර ඇත.
සී/350 සිට සී/360 දක්වා වූ කොටස් ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් විසින් මෙසේ කථානායකවරයා අතට පත්කර තිබේ.
මීට ඉහත දිනයකදී කථානායකවරයා මෙම කොටස් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබිණි.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේදී මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකථන සංවාද පැවැත්වූ මැති ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය වනු ඇත.










