අයි.පී.එල් ඉතිහාසයේ කිසිදිනක තරගාවලියක් ආරම්භයේ සිට පිට පිට තරග ත්රිත්වයක් ජයග්රහණය කර නොමැති ආර් සී බී පිල මෙවර එකී වාසනාව ලැබීමට භාග්ය වූයේ එකී ජයග්රාහී ආරම්භයෙන් ඇති කරගත් උද්යෝගය රිසි දේම පවත්වාගෙන යමිනි.
සිරාජ් හර්ෂල් ප්රමුඛ ආර් සී බී පන්දු යවන්නන් ලකුණු 177කට රාජස්ථාන් පිල සීමා කරන්නේ මේ තරගාවලියේ මෙතෙක් සාර්ථක වූ ආර්.සී.බී පිතිකරුවන් පිලිබඳ විශ්වාස තබමිනි.
එහි තැබූ විශ්වාසයේ අබමල් රේණුවකවත් අඩුවක් ඇති නොවන්නට යොවුන් පිතිකරු දෙව්දත් පඩික්කාල් සහ නායක විරාට් කෝලි වග බලාගත් අයුරු අපූරු ය.
දෙව්දත් පඩික්කාල් යනු අනාගතයේ කෝලිගේ වාර්තා පවා කඩා සුනුවිසුනු කරාවියැයි බලාපොරොත්තු තියෙනා යොවුන් දගකාරයෙකි.
එසේ කුඩා කල සිටම පැහැදිලි අනාගතයට හෙබි පඩික්කාල්ව වයස අවුරුදු 19න්ම අයි පී එල් සුරපුරයට කැන්දාගෙන එන්නේ වයසට වඩා මුහුකුරා ගිය හැකියාවට වටිනාකමක් ලබා දෙන්නට ය.එකී කර්තව්යය අකුරටම වෙන්නේ ගිය වසරේ අයි පී එල් වරම් ලැබූ මේ යොවුන් දක්ෂතාවය තරගාවලියේ අවසානයේ නතර වෙන්නේ තරගාවලියේ හොදම නැගී එන ක්රීඩකයාට හිමි සම්මානයද ලබමින් සිය මංගල අයි පී එල් තරගාවලියෙන්ම ඔටුනු පලදවා ගනිමිනි.
එසේ සිය මංගල තරගාවලියේම කෝලිට එකතු වූ කෝලිගෙන් පසු අනාගතය පැහැදිලි ය.
කර්නාටකයෙන් එළිය දුටු පඩික්කාල් අද වනවිට කවුරුත් දන්නා සුපිරි වීරයෙක් වී අවසාන ය.තාම අවුරුදු 20කි.අවුරුදු 20ට ගහන ගැහිල්ලට “මේකා කොහෙන් නතර වේදෝ….?” කියා කිසිවෙකුට සිතා ගන්නටවත් අපහසු ය.
සමහරුන් පඩික්කාල් යනු “ආපෝ…පඩික්කාල් කියන්නේ උපුල් තරංග මොඩ්ල් එකේ ඉන්දියන් වර්ෂන් එකනේ….” යනුවෙන් උසුලු විසුලු කරන්නට ගන්නේ මේ විසි හැවිරිදි පඩික්කාල් දවසින් දවස දියුණු වෙන ක්රීඩකයෙක් බව අමතක වූ ඇත්තන්ට සිහි මුර්ජා වෙන්නටම එකී ප්රහාරය ප්රචණ්ඩ විය.
මෙතැන් කාලයක් ආර්.සී.බී පිතිකරන යෝධ ශක්තිය රදා පැවතුනේ ගේල් කෝලි සහ ඒබී කියනා අති ශ්රේෂ්ඨයින් තිදෙනා මතය…ඉන් පසුව මෙම වසරේ ඊට මැක්ස්වෙල් එකතු වූයේ ආර්.සී.බී බලාපොරොත්තු ඉහල දමමිනි.එසේ සෑම තරගාවලියක පාහේ ආර්.සී.බී ඕමි අතේ හැමදාම ආසි කොළ හතරෙන් තුනක් හෝ දෙකක් විය.නමුත් මෙවර ආර්.සී.බී ඕමි අතෙහි ආසියන් හතරම සිටින්නේ ය.ඒ අන් කවරෙකු නොව කෝලි ඒබී මැක්ස්වෙල් සහ ඉන්දීය යොවුන් තරුවක් වෙන පඩික්කාල් ය.
2009 වසරේ මනීෂ් පාන්ඩේ ආර්.සී.බී අභියෝගවන්තයින් නියෝජනයෙන් අයි පි එල් ශතකයක් රැස් කරන්නේ ය.කෝලි ගේල් සහ ඒබී ඩී විලියර්ස් නම් අතිවිශිෂ්ඨයින් තිදෙනා හැර ආර්.සී.බී වෙනුවෙන් ශතකයක් රැස් කර තිබුනේ පාන්ඩේ පමණක් ය.නමුත් එයට දැන් අලුත් අනාගතයක් එකතු වන්නේ ය.ඒ දෙව්දත් පඩික්කාල් ය.මෙතැන් සිට පඩික්කාල් කෙළියද මහ ඉහලින් භාරත දේශයේදී ආරම්භ වන්නේ ය.
රාජස්ථාන් පන්දු යවන්නන් හට ආරම්භයේ පටන් කිසිදු පැකිලීමකින් තොරව පහරවල් තනනා පඩික්කාල් පන්දු 27ක් තුලදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගන්නේ ක්රිකට් ක්රීඩාවේ විශිෂ්ඨයෙකු සේම ක්රිකට හී රජු ලෙස අනුවර්තනය දිනා ඇති වත්මන් ඉන්දීය කන්ඩායමේ නායක විරාට් කෝලිගේ සෙවණ යටතේ ය.එසේ රාජස්ථාන් පන්දු යවන්නන් අන්ත අසරණ කරමින් කෝලිගේද සහය ඇතුව ශතකය කරා පියමනිනා පඩික්කාල් පන්දු 51කින් සිය ශතකය වාර්තා කරගන්නේ අයි පි එල් ඉතිහාසයේ තවත් විශිෂ්ඨයෙකුගේ ගමන්මග එසේ ලෝකයාගේ ඇස් දිනා ගනිමිනි.
පන්දු 52ක් තුල දියත් වූ පඩික්කාල්ගේ නොදැවුනු ලකුණු 101ට හතරේ පහරවල් 11ක් සහ හයේ පහරවල් 6කින් වර්ණවත් වූ අතර පඩික්කාල් නම් යොවුන් ක්රීඩකයාව නිවැරැදි මග යන්නට වටිනා උපදෙස් එකතු කරමින් සහයක ඉනිමක් දියත් කල කෝලි පන්දු 47ක් තුලදී නොදැවී පන්දු 72ක් රැස් කර ගන්නේ ඊට හතරේ පහරවල් 6කින් සහ හයේ පහරවල් තුනකින් සිය ඉනිම කලඑළි කරගෙන ය.
මෙකී ඉනිම බලාසිටි ප්රේක්ෂකයන්ගේ දෑස් අමන්දානන්දයට පත් කල තරගයක් වූවා යැයි සැක නැත.
මේ ඉන්දියාව ය.ඉන්දීය වැසියන් ආගමක් සේ අදහන ක්රිකට් ක්රීඩාවේ ක්රිකට් ඇම්ම ලේ වල දුවනා දක්ෂයින් දවසින් දවස ඔවුන් බිහි කරන්නේ ඔවුන්ගේ ක්රිකට් අනාගතය ගැන දවසින් දවස අලුත් වෙන බලාපොරොත්තු ඇතුව ය.
එදා විරාට් කෝලී නම් ක්රීඩකයා ජාත්යන්තරයට ආ හැටි සුන්දර ය.සචින් තෙන්ඩුල්කාර් විරේන්ද්ර ශෙවාග් වැනි විශිෂ්ඨයින් අතරේ අතරින් පතර ඉඩ වෙන් කල කෝලි තෙන්ඩුල්කාර්ලා යන විට එකි තැන භාර ගන්නට ඔවුන් ක්රමවත්ව සදා ගත්තේ ය.
එදා එවන් විශිෂ්ඨයෙක් තැනූ ඉන්දියාව පඩික්කාල් නම් ඉන්දියාවට සුවිශේෂී මේ අපූරු ක්රිඩකයාද නිසි පරිදි ජාත්යන්තර නෑකමට හුරු කරනු ඇත.
ඉන්දියාව යනු ක්රිකට හී පුරාණ ග්රන්ථ පමණක් නොව වර්තාමනයේ ද දවසින් දවස ක්රිකට් පොත් අලුතින් ලියනා ප්රභල රාජ්යයක් ය.
තෙන්ඩුල්කාර්,විරේන්ද්ර ශෙවාග්,මහේන්ද්ර සිං ඩෝණි යනු එහී අතිත ග්රන්ථයන් වෙන අතර විරාට් කෝලි යනු එහි වර්තමානය ග්රන්ථය වේ…එකී රාජ්යයේ ලියවෙන අනාගත ග්රන්ථ අතරට දෙව්දත් පඩික්කාල් යන නාමයද සදා අමරණීය නාමයක් වෙනු ඇතැයි අනුමාන කල හැකි ය.
✍ | Rishie Bro










