මේ වනවිට කොළඹ කොටස් වෙළඳපොළ ඉතා ඉහළම වර්ධනයක් අත්පත්කරගෙන තිබෙන්නේ බැංකු පොලී අනුපාත අඩු කිරීම නිසා පීඩනයට පත්වී සිටින සාමාන්ය ජනතාව කොටස් වෙළඳපොළට යොමුවීම නිසා බව ආණ්ඩුව පිළිගෙන තිබේ.
අද (26) දිනමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ශ්රී ලංකා සුරැකුම්පත් විණිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ තුෂාර ජයරත්න මේ බව හෙළිකර ඇත. “තානපතු පොලී අනුපාත අඩුවීම කොටස් වෙළඳපොළට වාසිදායක වුනා.” යනුවෙනි ඔහු ප්රකාශ කර ඇත.
එම ලිපියෙන් වැඩිදුරටත් හෙළි කර තිබේන්නේ “පසුගිය වසරේ මැයි මාසයේ මෙය පැවතියේ ඉතාම පහළ අගයකයි. අද වනවිට වෙළඳ පොළ මුළු වටිනාකම රුපියල් ට්රිලියන 3.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.” යනුවෙන් කොටස් වෙළඳපොළේ ආශ්චර්යමත් වර්ධනය ගැන සඳහන් කර තිබේ.
එසේම බැංකු පොලී අඩුවීම නිසා මහජනතාව එයට පෙළඹවීම සහ ඒ වෙනුවෙන් ආණ්ඩුව ලබාගෙන තිබෙන ක්රියාමාර්ග සම්බන්ධයෙන් සරළව පැහැදිලි කර ඇත. “ඕනෑම සමාගමක එක් කොටසක් වුවත් මිලදී ගත හැකියි. රුපියල් 10කට එක් කොටසක් තිබෙනවානම් ඒ කොටස පමණක් වුවත් මිලදී ගන්න පුළුවන්. ඉතා සුළු මුදලක් තිබෙන කොටස් වෙළඳපොළ ගැන දැනුමක් නැති අයෙකුට පවා කොටස් මිලදී ගැනීමටත් වැඩපිළිවෙල තිබෙනවා. ක්රමවේද තිබෙනවා”









