බාධා කළොත් වෙඩි තබන්න පොලිසියට අවසර

හෙට (17) දිනයේදී මැතිවරණය සාමකාමීව පැවැත්වීමට බාධා කරන කවර පාර්ශවයකට වුවද එරෙහිව නීතිය ක්රිබයාත්මක කරන ලෙසටත් අවශ්යරනම් වෙඩි තැබීම දක්වා ක්රිකයාමාර්ග ගැනීමටත් පොලිසිය වෙත මැතිවරණය කොමසාරිස්වරයා දන්වා තිබේ. විශේෂයෙන්ම ඡන්ද විමසීමට කිසියම් අයුරකින් බාධා එල්ල කරනු ලබන අපේක්ෂකයන් අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමසාරිස්වරයා පොලිසිය වෙත බලය ලබා දී තිබේ.

19 වන ආණ්ඩුක්රොම ව්යලවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබී ඇති බලතල අනුව පොලිසිය වෙත මෙම නියෝග ලබා දී තිබේ. නීතියට එරෙහිව, කිසියම් ඡන්ද මධ්ය ස්ථානයක නිදහස් හා සාධාරණව  ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වුවහොත් එම ඡන්ද බල ප්රොදේශයේ ඡන්දය අවලංගු කිරීමටද පසුබට නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්