බ්‍රිතාන්‍ය ගුවන් යානයක් හදිසියේ ගිනිගනී

ගුවන් ගත කිරීමට සූදානම් කර තිබූ බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් සේවාවට අයත් බෝයිං 777 යානයක් ඇමෙරිකාවේ ලාස් වේගාස් ගුවන් තොටුපළේදී හදිසියේ ගිණිගැනීමටකට ලක්ව තිබේ.

එම අවස්ථාවේ කාර්ය මණ්ඩලය 13 දෙනෙකු හා මගීන් 159 දෙනෙකු ගුවන් යානයේ සිට ඇති අතර ඉතා ඉක්මනින් ඔවුන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට සමත් වී තිබේ. කිසිවෙකුටත් බරපතල හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ.

මෙම ගුවන් යානය ලාස් වේගාස් සිට බ්‍රිතාන්‍යයේ ගැට්වික් ගුවන් තොටුපළ දක්වා පියාසර කිරීමට සූදානම් වී තිබේ. එන්ජිමේ සිදු වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බව පැවසේ. කෙසේ වෙතත් බරපතල ගුවන් අනතුරක් මෙලෙස වළක්වා ගැනීමට හැකි වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්