බ්රිතාන්ය අගමැති බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටත් එරට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමටත් තීරණය කර තිබේ.
කෙසේ වෙතත් බොරිස් ජොන්සන් මාධ්ය හමුවකට එක්වෙමින් පවසන්නේ, කොන්සර්වේටිව් පක්ෂයට නව නායකයෙකු තෝරාගන්නාතුරු තමන් අග්රාමාත්යධුරයේ රැඳී සිටින බවය.
කොන්සර්වේටිව් පක්ෂයට නව නායකයෙකු තෝරාගැනීමට නියමිතව ඇත්තේ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදීය.










