බලයබෙදීමට යලිත් වරක් එකගවේ

ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා යුවරාජ් ඇතුළු මන්ත්‍රී පිරිස ලංකාවේ සංචාරයේ යෙ‍දෙමින් ඉන්දීය රජයේ දේශපාලන බලපෑම් එල්ල කිරීම හමුවේ බලතල බෙදීම සම්බන්ධයෙන් එකගත්වය පළකර ඇති බව අනාවරණය වේ.

 

ඉනිදීය මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ ප්‍රබලයන් සහ ජවිපෙ හැර විපක්ෂයේ සේසු පක්ෂ හමුවීමෙන් ද තහවුරුකර ඇත්තේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ඉක්මවා ගිය බලය බෙදාහැරීමක් කළ යුතු බවය. ඒ වෙනුවෙන් ලංකා ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කරමින් පවතී.

ලංකාවේ දේශපාලන නායකයන් හමුවී‍මෙන් නොනැවතී උතුරේ අවතැන් කදවුරුවල ජනතාව පවා හමුවීමට යාමෙන් බලය බෙදීම පිළිබද ආණ්ඩුවට එල්ලකරන පීඩනය කෙතරම්දැයි තහවුරුවන බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති. එයට රට තුලින් එල්ල වන විරෝධය අඩුකිරීමේ උපක්‍රමයක් වශයෙන් පළාත්සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබානොදීම හැර බලය විමධ්‍යගත කිරීමට සූදානම් බව පවසා ඇත.

මේ අතර ආරක්ෂක ලේකම් වරයා දේශප්‍රේමී භූමිකාවක් රගදක්වමින් ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශකර තිබේ. එවැනි ස්වාධීන රාජ්‍යයක් ද්‍රවිඩ ජනතාවට අවශ්‍යනම් දකුනු ඉන්දියාවේ පිහිටුවා ගතයුතු යැයි තමිල්නාඩු වේ දේශපාලන බලවතෙක් වන එම්.කරුණානින්ධි මහතාට අභියෝගකර ඇත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්