බර්ටිට ‍ගොවීන්ගෙන් හූ සංග්‍රහයක්

අද (06) උදේ 09.10ට පමණ කලාවැව අභියසදී ගොවීන් පිරිසක් විසින් උතුරුමැද පළාත් මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායකට හූ සංග්‍රහයක් කර ඇතැයි වාර්තාවේ.

එය සිදුවී ඇත්තේ අද (06) උදේ 9.00ට කලාවැවේ බැම්මේදී ගොවින් එක්ව පවත්වා ඇති අධිෂ්ඨාන පූජාවට කිසිඳු ආරාධනාවකින් තොරව මහ ඇමතිවරයා පැමිණිමත් සමගය.

මෙවර යල කන්නයේ වී වගාව සඳහා නිසි පරිදි වැස්ස නොලැබීම නිසා පීඩාවට පත්ව සිටින ගොවීන් එක්ව මෙම අධිෂ්ඨාන පූජාව සංවිධානය කර ඇති අතර මේ වන විටත් එය පැවැත්වෙමින් තිබේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්