(දෙවන සංස්කරණය) පක්ෂයේ මධ්යම කාරක සභාවේ සාමූහික තීරණවලට පටහැනිව ක්රියා කිරීමේ චෝදනාවට ශ්රිලනිපයේ පාර්ලිමේන්තු මන්ත්රීන් වන බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, එස්. එම්. චන්ද්රසේන, ටී. බී. ඒකනායක හා රෝහිත අබේගුණවර්ධන යන පස් දෙනා එම පක්ෂයේ මධ්යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු ලිපිය තමා වෙත ලැබුණු බව බන්දුල ගුණවර්ධන හා සාලින්ද දිසානායක මන්ත්රීවරුන් තහවුරු කරමින් මාධ්ය වෙත ප්රකාශ කර තිබේ. ශ්රිලනිපයේ කණ්ඩායමක් ඇමතිධූර භාර ගැනීමේදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්රමුඛ ශ්රිලනිපයේ මධ්යම කාරක සභාවේ එක් සාමාජිකයකු හැර සියලු දෙනාම එකඟ වී තිබේ. එසේ තිබියදී ඔහු පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී ශ්රිලනිපයට එරෙහිව දැඩි ප්රකාශයන් නිකුත් කර අතර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින විකල්ප කණ්ඩායමේ ඔහු ඇතුළු මධ්යම කාරක සභාවෙන් ඉවත් කළ සිව් දෙනා ඉදිරියෙන් සිට කටයුතු කරමින් සිටී.









