හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිලිස්සී මිය ගිය 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සමඟ කොළඹ දකුණ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් තව දුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
අදාල දැරිය පසුගිය වර්ෂයේදී ඩයගම ප්රදේශයේ සිට මෙම නිවසට රැගෙන ආ පුද්ගලයාගෙන් අද (19) දිනයේදීද ප්රකාශ ලබා ගැනීමට නියමිතව තිබේ.
දැරියගේ මවගෙන් සහ රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියාගෙන් ඊයේ (18) දිනයේදී වැඩිදුර ප්රකාශ ලබාගත් බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරයි.
අදාළ දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු ජීවිතක්ෂයට පත්විය.










