බඩු මිල ඉහළට – සංඛ්‍යාලේඛනවලින් හෙළිවේ

පසුගිය අප්‍රේල් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය 6.1%කින් ඉහළගොස් ඇත. එය මාර්තු මාසයේ 5.5%ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලින් මේබව හෙළිවේ. මාළු වර්ග, අල, ලොකු ළූණු, බිත්තර, කරවල, පරිප්පු සහ සීනි මිල ගණන් අප්‍රේල් මාසයේදී ඉහළ ගොස්‌ තිබේ.

උද්ධමනය සැඟවීමට ආණ්ඩුව විවිධ ප්‍රයත්න දැරුවද මේවන විට එය අසාර්ථක වී ඇත. පාරිභෝගික මිල දර්ශකයට යොදා ගන්නා පදනම් වර්ශය 2002 සිට 2006/07 දක්වා වෙනස් කරන ලදී. එමෙන්ම උද්ධමනය මැනීමේදී හාල්, පොල් ප්‍රවාහන ගාස්තු සහ තවත් අයිතමයන් කිහිපයක් ඉවත් කිරීමෙන් අඩු අගයක තබාගැනීමට ආණ්ඩුව උත්සාහ කළේය.

නමුත් මේ වන විට එම ප්‍රයත්නය අසාර්ථක වී උද්ධමනය ඉහළ යමින් පවතින බව සනාත කිරීමට ආණ්ඩුවට සිදුවී ඇත. එහෙත් ආණ්ඩුව පවසන්නේ උද්ධමන අගය තනි ඉලක්කමක පවත්වාගෙන යාමට සමත්වී ඇති බවය. එය ජනතාව මුලා කිරීමට දරන ප්‍රයත්නයක් බව විශලේෂකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්