බඩුමිල වැඩිකිරීමට එරෙහිව ජවිපෙ උද්ඝෝෂණ දිගටම

ආණ්ඩුව අත්තනෝමතික ලෙස සිදුකරන බඩු මිල ඉහළ දැමීම සහ දූෂණ වංචාවලට විරෝධය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය 20 වනදා සිට රටපුරා ආරම්භ කර ඇති විරෝධතා මාළා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසා සිටී.

“ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළගැසෙමු” ලෙස නම් කර තිබූ එම විරෝධතා ව්‍යාපාරය, උද්ඝෝෂණ, පාගමන් සහ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාර සහ ජනහමුවලින් සමන්විතය.

එලෙස හම්බන්තොට සහ ගම්පහ දිස්ත්‍රික්කවලදී පසුගිය 22වනදා පවත්වා ඇති උද්ඝෝෂණවල ඡායාරූප ජවිපෙ මාධ්‍ය ඒකකය විසින් අප වෙත එවා ඇත.

හම්බන්තොට පැවති උද්ඝෝෂණයේ අවස්ථා

ගම්පහ පැවති උද්ඝෝෂණයේ අවස්ථා

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්