ආණ්ඩුව අත්තනෝමතික ලෙස සිදුකරන බඩු මිල ඉහළ දැමීම සහ දූෂණ වංචාවලට විරෝධය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය 20 වනදා සිට රටපුරා ආරම්භ කර ඇති විරෝධතා මාළාව සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බව එම පක්ෂයේ මාධ්ය ඒකකය පවසා සිටී.
“ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළගැසෙමු” ලෙස නම් කර තිබූ එම විරෝධතා ව්යාපාරය, උද්ඝෝෂණ, පාගමන් සහ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්රිකා බෙදීමේ ව්යාපාර සහ ජනහමුවලින් සමන්විතය.
එලෙස මහනුවර දිස්ත්රික්කයේදී පසුගිය ජුනි 02 දා විරෝධතා පාගමනක් සහ අත්පත්රිකා බෙදීමේ ව්යාපාරයක් පවත්වා ඇත. එම විරෝධතා පාගමනට බඩු මිල වැඩිවීම දැක්වෙන විශේෂාංග රැසක් එක්කර තීබීම කාගෙත් ආකර්ෂණයට හේතුවී ඇතිබත් වාර්තාවේ.

















