නිදහස් මාධ්ය තුළ මාතෘ භූමියට එරෙහිව ගෙන යන අසත්යය ප්රචාර පිළිබඳව තමා දැඩිව කණගාටු වන බවත් මෙරට අභ්යන්තර හා දේශපාලන කටයුතු සඳහා බටහිර රටවල බලපෑම් එල්ල වන බවට පලවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්යය බවත් ජනාධිපති මෛත්රීපාල සිරිපාල මහතා අගුණකොළපැලැස්ස නගර ශාලාවේදී පවසායි.
ඒ අද (25) පෙරවරුවේ අගුණකොළපැලැස්ස නගර ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති හම්බන්තොට දිස්ත්රික් ශ්රි ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනයට එක් වෙමිණි.
කිසිදු බටහිර රටකින් රටේ අභ්යන්තර කටයුතු වලට බලපෑම් එල්ල වී නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
පසුගිය මාස 03 තුළ තමා ආණ්ඩුවේ කටයුතු සේම, ශ්රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමටද ප්රමුඛත්වය ලබාදී කටයුතු කළ බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
එම අවස්ථාවට හිටපු ජනාධිපති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවීම කැපී පෙනන සිදුවීමක් වූ අතර කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්රියදර්ශන යාපා, සුසිල් ප්රේමජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, වී.කේ. ඉන්දික, කමලා රණතුංග යන මහත්ම මහත්මීන් සහ හම්බන්තොට දිස්ත්රික්කයේ පළාත් සභා සහ ප්රාදේශීය සභා මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.












