පෞද්ගලිකව ඔක්සිජන් සිලින්ඩර් මිලදී ගැනීමට ජනතාව පෙළඹේ

පෞද්ගලිකව ඔක්සිජන් සිලින්ඩර් මිලදී ගැනීමට ජනතාව පෙළඹේ

ඔක්සිජන් සිලින්ඩර් පෞද්ගලිකව මිලදී ගැනීම සඳහා මේ වනවිට ප්‍රවණතාවයක් මතුව ඇතැයි ලංකා ඔක්සිජන් සමාගමේ සේවකයෙක් ලංකා ටෘෘත් වෙත පැවසී‍ය.

ශ්‍රී ලංකාව තුළ ආසාදිතයන් හා මරණ ප්‍රමාණය ඉහළ යාමත්, ඉන්දියාවේ මතුව ඇති භයානක තත්වයත් මේ සඳහා බලපා තිබේ. ඔක්සිජන් සිලින්ඩර ඔසවා ගෙන රෝහල් අසළ පොදි කන ඉන්දීය ජනතාව දෙස බලා ශ්‍රී ලාංකිකයන්ද මෙසේ පෙර සූදානම් වනවා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර සමාගමේ සමහර සේවකයන් විසින් ඔක්සිජන් සිලින්ඩර කලින් මිලදීගෙන අනාගතයේ වැඩි මිලට විකිණීම සඳහා සූදානම් වෙමින් සිටින බව බවද වාර්තා වේ.

ලංකා ඔක්සිජන් සමාගම රෝහල්වලට ඔක්සිජන් සිලින්ඩර සපයනවාට අමතරව කර්මාන්ත සහ වෑල්ඩින් කටයුතු සඳහා ද ඔක්සිජන් සිලින්ඩර අලෙවි කරනු ලබයි. මෙසේ පෞද්ගලිකව ඔක්සිජන් සිලින්ඩර මිලදී ගැනීමට ජනතාව තුළ පෙළඹීමක් ඇති වුවහොත් එය රෝහල්වල ඇතිවෙමින් පවතින ඔසිජන් හිඟය වැඩි කිරීමට හේතු වනු ඇත. හිඟය සදහා වැඩිපුර බලපාන්නේ ඔක්සිජනවලටත් වඩා ඒවා ගබඩා කරන සිලින්ඩර් බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්