පෝර්ට් සිටියේ නීති විරෝධී ඉදිකිරීම් දිගටම

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට (පෝර්ට් සිටි) අදාළ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවට අනුමැතිය ලැබීමට පෙර අදාළ චීන සමාගම විසින් ව්‍යාපෘතියේ වැඩිදුර ගොඩකිරීම් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. අදාළ පරිසර වාර්තාව නිකුත් කිරීමට මසක කාලයකට පෙර මෙසේ චීන සමාගම නීති විරෝධී ගොඩකිරීම් ආරම්භ කර ඇතැයි පැවසේ.

එසේම අනුමැතිය ලබාගත් ව්‍යාපෘති යෝජක ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය වෙනුවට මෙම ව්‍යාපෘතිය භාරව, චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම කටයුතු කිරීමද ව්‍යාපෘති ගිවිසුම්වලට පටහැනි බව වාර්තා සඳහන් කරයි.

අදාළ චීන සමාගම ව්‍යාපෘතියේ ගොඩකිරීම් ආරම්භ කර ඇත්තේ 2014 සැපැතැම්බර් 16 වැනිදාය. එහෙත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වරාය අධිකාරිය වෙත ව්‍යාපෘතියට අවසර ලබාදී ඇත්තේ 2016 ඔක්තෝබර් 23 වැනිදාය. එසේම මූලික ව්‍යාපෘති පාරිසරික අගැයීම් වාර්තාව ලබාගත් 2011 වසරේදී ගොඩකිරීමට අවසර ලබාදී ඇත්තේ හෙක්ටයාර් 200කටය. එහෙත් 2012 වසරේදී චීන සමාගම විසින් ඒකපාර්ශ්විකව එම භූමි ප‍්‍රමාණය හෙක්ටයාර් 233 දක්වා වර්ධනය කොට ඇත. කෙසේ වෙතත් 2015 දෙසැම්බරයේදී රජය විසින්ම චීන සමාගමට හෙක්ටයාර් 269ක් ගොඩකිරීම සඳහා අවසර ලබාදී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්