පෝට් සිටිය ගැන විජේදාස රාජපක්ෂ මන්ත්රීවරයාට වැටහීමක් නැතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්ර මූල්ය, ස්වයං රැකියා හා ව්යාපාර සංවර්ධන රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.
රාජ්ය ඇමතිවරයා මේ බව පැවසූවේ ඊයේ (16) පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමිණි.
“මම කණගාටු වෙනවා විජේදාස රාජපක්ෂ මන්ත්රීතුමා වගේ උගත් මන්ත්රීවරයෙකුට මේ අලුත් සංකල්පය, මූල්ය නගරය පිළිබඳ අවබෝධයක් නැතුව මේ අදහස් ප්රකාශ කිරීම සම්බන්ධයෙන්. නාගරික සංවර්ධනය නෙවෙයි මෙතන අදාල වෙන්නේ මූල්ය මෙහෙයුම් නගරයක් වශයෙන් ක්රියාත්මක වෙන්න අවශ්ය නීතිරීති පද්ධතිය සකස් කිරීම. ඒ සඳහා අවශ්ය පදනම තමයි අපි පාර්ලිමේන්තුවේ මේ සකස් කරලා තියෙන්නේ.” යැයිද රාජ්ය ඇමති ශෙහාන් සේමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.










