වරාය නගරය චීනයට පවරා දීම සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු විවාදයට ගැනීමෙන් පසු දේශප්රේමීන් සහ දේශද්රෝහීන් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ පසුගියදා ප්රකාශ කරතිබිණි.
වරාය නගරයේ ඉදිරියේදී ක්රියාත්මක වීමට නියමිත පළාත් සභා සහ නගර සභා පාලන ක්රමයත් ශ්රී ලංකා රජයේ පාලන ක්රමයෙන් ඔබ්බට යමින් සිදුකරනු ලබන අනෙකුත් සියලු ක්රියාවන් සහ ඒ හා සම්බන්ධ විගණන ක්රියාවලියටත් ශ්රී ලංකා රජයට අත පෙවිම් කළ නොහැකි තත්වයක් ඉස්මතු වීම නිසා අදාළ පනත් කෙටුම්පතට පවතින පාර්ලිමේන්තුවේ සියල්ලන් විරුද්ධ විය යුතුව ඇතැයිද උන්වහන්සේ එහිදී සඳහන් කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියෝ මෙසේද පවසා තිබිණි.
“අපේ රට ලෝකයෙන් වෙන් වෙන්නේ ජල තීරයකින්. මුහුද ගොඩ කරල තමයි මේ නගරය හැදුවේ. දැන් අපේ රටේ සිතියමත් වෙනස්. මේ හැදෙන වරාය නගරයට අපට යන්න බැහැ. ඇතුළේ ගනුදෙනු විදේශ මුදල්වලින්. මේක වෙනම රටක්. දැන් මේ රට වෙන්කර ගන්න පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙනාවා. රටට ආදරය කරන බුද්ධිමතුන් මෙතනදී නිශ්ශබ්දව සිටිනවා නම් අපට සැබෑ දේශප්රේමීන් සහ දේශද්රෝහීන් හඳුනාගැනීමට පහසුයි. රාජද්රෝහීන් වුණත් කමක් නැහැ. හැබැයි දේශද්රෝහීන් වෙන්න හොඳ නැහැ. අද චීනය අපට ණය කන්දරාවක් දෙනවා. ඒවා ඩොලර් නෙවෙයි. චීන යූආන්. අපි හරියට දන්නේ නැහැ මේ ගැන. නමුත් චීනය ඒ අයගේ ගනුදෙනු හරියට බේරා ගන්නවා. සමුදුර කියන්නේ අපේ සම්පතක්. මේක යට තියෙන ඛනිජ සම්පත ගැන දැන් කව්රුත් කතා නැහැ. ඒකත් චීනයටමද කියලා අපි දන්නේ නැහැ. ඒ අස්සේ අපේ මුහුදේ මත්ස්ය සම්පත කොල්ල කන්න ඉන්දියාවට ලයිසන් දෙන්න ඩග්ලස් දේවානන්දා ඇමැති වලි කනවා. මේකටත් ඉඩදෙන්න බැහැ. මේ සම්පත හරහා රැකෙන්නෙත් අපේ රටේ මිනිස්සු.”










