ශ්රී ලංකාව තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් එසේ හිඟයක් ඇති බවට ඇතැමුන් ගෙන යන ප්රකාශ හුදු මවාපෑමක් පමණක් බවත් කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඇමතිවරයා මේ සම්බන්ධයෙන් වැඩදුරටත් අදහස් දක්වමින් “පොහොර ගැටළු තියෙනවා නම් දිස්ත්රික් ගොවිජන කොමසාරිස්වරු එක්ක කතා කරන්න. විසඳුම් නැති වුණොත් මට හෝ රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතාට කතා කරන්න. පොහොර හිඟයක් රටේ නෑ. ඒක මුළුමනින්ම මවාපෑමක්.” යනුවෙනි.
කෘෂිකර්ම අමාත්යාංශය හා පළාත් පාලන අමාත්යාංශය එක්ව කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්ය වැඩසටහන් පිළිබඳව රජයේ පළාත් පාලන ප්රධානීන් සියලුදෙනා දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්යවරයා මෙම අදහස් පළ කළා.










