පොලීසිය ෆොන්සේකාට භාරදෙන ලකුණු?

sf01-lankatruth.jpg - 19.22 Kbමන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාහට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයකු ලෙස ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ඉඩම් ඇමතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට මෙසේ ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිතය.

‍ෆොන්සේකා මහතා මන්ත්‍රී ධුරය භාරගන්නා බව ඔහුගේ පුද්ගලික ලේකම් සේනකද සිල්වා මහතා මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්