ශ්රී ලංකා නීතිඥ සංගමය විද්යුත් තැපෑල මගින් පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබියදීත් පොලිස් අත්අඩංගුවේ සිටි “කොස්ගොඩ තාරක” නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබේ.
පොලිසියේ ආරක්ෂාව යටතේ සිටි පුද්ගලයින් මෙසේ ඝාතනය වීම සම්බන්ධයෙන් බරපතළ ලෙස සැලකිල්ලට ලක්කළ යුතු බව අද (13) ශ්රී ලංකා නීතිඥ සංගමය නිකුත් කර තිබෙන නිවේදනයකින් සඳහන් කර ඇත. මෙම තත්වය පිළිබඳව පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂකවරයා සහ ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතනද එම ඝාතනයට පෙර දැනුවත් කර තිබූ බව නීතිඥ සංගමයේ නිවේදනයෙන් වැඩි දුරටත් දක්වා තිබේ.
මෙවැනි ක්රියා වැළැක්වීම සඳහා සියලුම ක්රියාමාර්ග ගන්නා ලෙස අදාළ වගකිව යුත්තන්ට ශ්රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබේ.












