පොලිසිය කොටදෙණියාව පාසල් සිසුවා නිරුවත් කරලා

කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාසල් සිසුවා (17) හා මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයා (31) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද රහස් පොලිසියේ ඉල්ලීම මත මුදාහරිනු ලැබූහ.

මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා පැවසූයේ පරීක්ෂණ සිදුවූ ආකාරය අධිකරණයටද ප්‍රශ්නයක් වූ බවත් මේ තත්ත්වය යටතේ රහස් පොලිසිය පමණක් පරීක්ෂණ පැවැත්වීම සුදුසු නිසා පරීක්ෂණ රහස් පොලිසියට බාරදෙන බවත්ය.

‘පාසල් සිසුවා පොලිසියේදී නිරුවත් කර ඡායාරූපද ගෙන තිබෙනවා. එයත් ළමා හිංසනයක්. එය කර ඇත්තේ නීතිය රකින්නට සිටින පොලිසියයි. ඒ ළමයාගේ අයිතිවාසිකම් පොලිසියෙන් කඩකර තිබෙනවා. ළමයාට විරුද්ධව කිසිම සාක්කියක් නෑ. රහස් පොලිසිය ඒ බව ප්‍රකාශ කළා. ජාන තාක්ෂණ වාර්තාවෙනුත් මේ බව තහවුරු වෙනවා. ඇයි මෙහෙම කරන්නේ. ඒ ළමයාගේ අනාගතය නැති කළා. එය කළේ පොලිසියයි. ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලිසියේ ඇතැමුන් ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට අධිකරණය අමුඩ ලේන්සුවක් කරගෙන තිබෙනවා. ළමයා අත් අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළ ආකාරයත් ඔහු නිදහස් කරන දවසේ පොලිසියේ හැසිරීමත් පුදුම සහගතයි. ඔහු නිදහස් කරන බව ළමයාගේ අම්මවත් දන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ?‘ පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් රණසිංහ මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්