ඇමෙරිකාවේ මිල්වව්කි ප්රදේශයේදී සුදු ජාතික පොලිස් නිලධාරියකු විසින් කළු ජාතිකයකු මරා දැමීමට එරෙහිව එම ප්රදේශයේ කළු ජාතිකයින් විශාල වශයෙන් විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.
විරෝධතාවයේ නිරත කළු ජාතිකයින් සුදු ජාතික පොලිස් නිලධාරීන්ට ගල් ප්රහාර එල්ල කර ඇති අතර ඇමෙරිකානු පොලිසිය විසින් ජීව උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන් වෙත වෙඩි ප්රහාර එල්ල කර ඇත.
පොලිස් වෙඩි ප්රහාරයෙන් 23 හැවිරිදි සිල්විල් ස්මිත් නම් කළු ජාතික තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් පසු ප්රකෝපකාරී වූ විරෝධතාකරුවන් මෝටර් රථ හා ඉන්ධන හලක් මෙන්ම අවට පිහිටි ගොඩනැගිලි රැසක්ද ගිනි තබා තිබේ.
කළු ජාතිකයින්ට වෙන් කර සැලකීම නිසා නිරන්තරයෙන් ඇමෙරිකාව ප්රචණ්ඩකාරී ක්රියා වර්ධනය වී ඇති අතර වසර කිහිපයක් පුරා ඇමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරීන්ගෙන් කළු ජාතිකයින්ට එල්ල වන හිරිහැර හා වෙඩිතැබීම්වලින් මේ වනවිට ජීවිත හානි රැසක් සිදු ව තිබේ. ඒ හේතුවෙන් ඇමෙරිකාවේ ජනපද රැසක් පුරා මේ වනවිට කළු ජාතිකයින් පොලිසියට එරෙහිව ප්රබල විරෝධතා ආරම්භ කර ඇති අතර ගැටුම්ද ඇවිලෙමින් තිබේ.











