පොලිස්පති වහාම අධිකරණයට කැඳවයි

පොලිස්පති වහාම අධිකරණයට කැඳවයි

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට වහාම ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුව ඇත.

ඒ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.

අදාළ පෙත්සම් අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (04) කැඳවනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්