පොලිසිය ප්රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ ප්රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ස්කොට්ලන්යාඩ් පොලිසියේ පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බ්රිතාන්යය බලා යාමට නියමිතව සිටි පොලිස්පතිවරයා ඇතුලු නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැතිවරයාගේ නියෝග පරිදි රාජ්ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්යාංශය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
හෙට (01) දින සිට 07 වැනි දින දක්වා පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහ රාජ්ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්ය අමාත්ය නලීන් බණ්ඩාර, අමාත්යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, ජ්යෙෂ්ඨ සහකාර ලේකම් මාලිකා සුරියපෙරුම, පොලිස්පති පූජත ජයසුන්දර, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතව තිබුණි.
මහනුවර ත්රිත්ව විද්යාලයෙන් රුපියල් ලක්ෂ 120ක මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අමාත්යාංශයේ ත්රිපුද්ගල කමිටුවක් හරහා සිදුකරන පරීකෂණය සහ පොලිස්පතිවරයා සහ පොලිසිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ඇති මතවාද සැලකිල්ලට ගෙන මෙම ගමන අත්හිටුවා ඇතැයිද වාර්තා වේ.










